අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරී කටයුතු අරඹයි

Share

අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද(18) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදි සිදු විය.

 

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධාරියෙකු වන ඒ මහතා එම විශ්ව විද්‍යාලයේම කළමණාකරණය පිළිබද පශ්චාත් උපාධි ආයතනයේ රාජ්‍ය පරිපාලනය පිළිබද පශ්චාත් උපාධි ආයතනයේ රාජ්‍ය පරිපාලනය පිළිබද පශ්චාත් උපාධිධරයෙකි.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ද හදාරන ලද ඒ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යාපනය පිළිබද පශ්චාත් උපාධි ආයතනයේ උපාධිධරයෙකු ද වේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආර්ථික කටයුතු අමාත්‍යාංශය, වෙළද අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා මීට පෙර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරයා වශයෙන් ද ධිවර අමාත්‍යාංශය, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය යන කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර ඇත.

Read more

Local News