අමෙරිකානු තානාපතිනිය අගමැති හමුවෙයි

Share

ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා එක්සත් ජනපදය උනන්දුවක් දක්වන බව එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.

 

ඊයේ (17) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවතී සාකච්ඡාවේදී ඇය විසින් මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය.

“අද්විතීය ප්‍රතිඵලයක් ලද අති සාර්ථක ව්‍යාපාරයක්” ලෙසට ටෙප්ලිට්ස් මහත්මිය විසින් හඳුන්වන්නට යෙදුන මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භයේ දී ඇය අග්‍රාමාත්‍යවරයාට සුභ පතා තිබේ.

නිදහස්, සාධාරණ හා සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණය පවත්වන ලද බවට සඳහන් කරමින් ඇය පවසා සිටියේ “පසුගිය පරිපාලනයේ ප්‍රතික්ෂේප වීමක්” මෙවර ප්‍රතිඵලයෙන් දැකගත හැකි බවය.

” අපි නව රජය සමඟ වැඩ කිරීමට අපේක්ෂාවෙන් පසු වෙනවා” යැයි තානාපතිනිය පවසා තිබේ.

නව රජයේ ප්‍රමුඛතාවයන් පිළිබඳ කළ විමසීමට පිළිතුරු වශයෙන් කොවිඩ් නයින්ටීන් වසංගතයේ බලපෑම හේතුවෙන් ආර්ථික ප්‍රකෘතිකරණය වත්මන් ප්‍රමුඛතාවය වී ඇති බව අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබේ.

Read more

Local News