ළමා අපචාර හා හිංසා නඩු 12968කට නීතිපති උපදෙස් දී අවසන්

Share

පොලීසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ළමා අපචාර හා හිංසා නඩු 12968ක් අවසන් කර අවශ්‍ය උපදෙස් මේ වන විට ලබා දී ඇත.

 

2019 ජනවාරි මස සිට 2020 ජුලි මාසය දක්වා කාලය තුළ මෙම නඩු ඉදිරිපත් ව ඇතැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

එයින් සැකකරුවන් සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට නඩු 6149ක් යොමු කර තිබේ.

සැකකරුවන් 4372 දෙනෙක් මේ වනවිට නිදහස් කර ඇතැයි ද අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසීය.

තවද පොලීසියට මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම සඳහා නඩු 2447කට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි ද අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා අපචාර අංශයේ මේ වන විට නඩු 851ක් පිළිබඳ විභාග කෙරෙමින් පවතින බවද ඇය පැවසීය.

Read more

Local News