මොකද්ද මේ ‘ස්ට්‍රෙස්’

Share

වර්ථමානයේ අපට වැඩිපුරම අහන්න ලැබෙන ආතතිය නැතිනම් Stress වීම හේතු ගොඩක් නිසා සිදුවෙන්න පුළුවන්.

මෙහෙම Stress වීම හේතුවෙන් මානසික වගේම ශාරීරික සෞඛ්‍යයටත් ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒ නිසාම මේ Stress කියන්නෙ මොකක්ද කියන එකත්, ස්ට්‍රෙස් නැතිනම් ආතතිය  “ඇතිවීම” පාලනය කරගැනීම සහ ආතතිය ඇතිවුනාට පස්සේ, ඒක පාලනය කරගැනීම කොහොමද කරන්නේ කියන එකත් ඔබ දැනගෙන සිටිය යුතුමයි.

ආතතිය කියන්නෙ ඔබේ මනසේ ඇති පීඩනයට ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය. මේ අතරින් සමහර ආතති යහපත් වෙනවා. විශේෂයෙන් ඒ සමහර ආතතීන් ශක්තීන් සපයනවා. අධික පීඩනය නිසාම සමහර ඉලක්ක හඹාගෙන ගිහින් ජයග්‍රහණය කළ අවස්ථා අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා. නමුත් එවන්අ වස්ථා එන්නේ කලාතුරකින්. බොහෝ  අවස්ථා වල මෙය  ඔබේ මනස මෙන්ම ශාරීරිකවත් පීඩාවට පත් වනවා. ඒ නිසා ආතතිය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන කාරණය ඔබ දැන සිටිය යුතුයි.

මෙහි ඇති භයානකම තත්වය වන්නේ ආතතිය නැතිනම් ස්ට්‍රෙස් දීර්ඝ කාලීනව පැවතුනොත් ඔබ ශාරීරිකව දුබලව රෝගියකු බවට පත්විය හැකියි. ඒ නිසා ඔබ නිසි පරිදි ආතතිය හඳුනා ගෙන එය කළමනාකරණය කරගත යුතුයි. ආතතිය වැඩිවී දිගු කාලීනව පැවතීම හේතුවෙන් ඔබට හානි විය හැකි ආකාරය ගැන අවබෝධයෙන් සිටීමත් ඉතාම වැදගත්.

දිගු කලක් තිස්සේ ආතතියෙන් පෙලෙන පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පැමිණෙනවා. ප්‍රතිශක්තිකරණය අඩාලව යනවා. ඒ හේතුවෙන් ඔබට කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව උණ වැනි වෛරස් රෝග ලක්ෂණ නිතර නිතර හටගත හැකියි.

ඔබ ආතතියෙන් පෙලෙන විට ඊළඟට ශරීරයේ හානි පැමිණෙන්නේ ඔබේ මාංශ පේශි පද්ධතියට. ඔබේ මනස ආතතියෙන් පෙලෙයි නම් මාංශ පේශි නොසන්සුන් වීම සිදුවනවා. තුවාල වැනි දෙයින් ආරක්ෂා වීමට ශරීරයේ ස්වාභාවික සැකැස්ම තියෙන්නේ ඒ ආකාරයෙනුයි. මානසිකව ආතතියට පත්වන විට මනස විසින් ශරීරයට එවැනි සඥාවක් නිකුත් කොට මාංශ පේශි හිර කිරීම සිදුකරනවා.

ඔබේ මනස ආතතියෙන් පෙලෙන විට ඊළඟට හානි පැමිණෙන්නේ ඔබේ ශ්වසන පද්ධතියටයි. වේගයෙන් හුස්ම ගැනීමත්, වේගයෙන් හදවත ස්පන්දනය වීමත් ශ්වසන සංකුලතා වගේම හෘදයාභාධ පවා ඇති කිරීමේ අවදානමක් තියෙනවා.

ඒ වගේම රුධිර සංසරණ පද්ධතිය අක්‍රමික වීම හේතුවෙන් ශරීරයේ සමහර අවයව වෙත නිසි රුධිර සැපයුම නොලැබීම සිදුවෙන්නත් පුළුවන්. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ශරීර අවයව අකර්මණ්‍ය වීම.

ආතතිය මේ තරම් හානිදායක වුණත්  බොහෝ දෙනෙක් ආතතියෙන් මිදෙන්න සෞඛ්‍යාරක්ෂිත නොවන ක්‍රම අනුගමනය කරනවා. එවැනි ක්‍රමයකින් ආතතියෙන් මිදෙනවා වෙනුවට ඔබ සෞඛ්‍යමය පරිහානියකට ලක් වේ. ආතතිය දැනෙන විට මත්පැන් පානය කරන්න බොහෝ දෙනෙක් පුරුදු වී සිටියත් එමගින් ආතතියෙන් මිදීමට හැකියාවක් නැහැ. ඒ වගේම තවත් සමහරු අනන්තාරයකර මත්ද්‍රව්‍ය භාවිතයට එළඹෙනවා. මේ කිසිදු ක්‍රමයකින් ඔබට ආතතිය කළමනාකරණය කරගැනීමට නොහැකියි. එයින් ඔබ සෞඛ්‍ය වශයෙන් පරිහානියට පත්වීමක් සිදුවනවා. තවත් සමහරු ආතතිය නිසා පමණට වඩා වෙගවත්වත් ප්‍රමාණයෙන් වැඩියෙනුත් ආහාර ගැනීම සිදුකිරිමත් ඉතාම අහිතකර විසඳුමක්. එයින් ස්ථුලතාව වගේම වෙනත් රෝගී තත්ත්වයනුත් හටගත හැකියි.

නමුත් ආතතිය නැතිනම් මේ එක්කම දිගු කාලීනව ජීවත් වීම අහිතකර තත්වයක්. ඒ නිසා ආතති කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ඔබ දැනගෙන සිටිය යුතුමයි. ජිවිතයේ කුමන හෝ අවස්ථාවක ඔබ ආතතියට පත්වන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී තමන්ට මානසික ආතතියක් තිබෙන බව අවබෝධ කරගැනීමට තරම් වැටහීමකුත්, ඒ ආතතිය කළමනාකරණය කරගන්නා නිවැරදි ක්‍රමවේද ගැන දැනුමකුත් ඔබට තිබිය යුතුයි.

Read more

Local News