අමාත්‍ය මහින්දානන්දට එරෙහි නඩුවක සාක්ෂි විභාගය කල්යයි

Share

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ නඩුවක සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 05 වන දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද(19) නියම කළේය.

 

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

අමාත්‍ය මහින්දානන්ද මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අමාත්‍යවරයෙකු ලෙස පත්වීම ලැබ සිටින බවත් ඔහු අද දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වන බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අධිකරණය මෙම දිනය ලබා දෙනු ලැබීය.

අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ පිහිටි නිවසක් මිල දී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

Read more

Local News