Home දේශීය පුවත් ප්‍රකාශයක් ලබාගැනීමට පාස්කු කොමිසමේ නිලධාරීන් මෛත්‍රීගේ නිවසට

ප්‍රකාශයක් ලබාගැනීමට පාස්කු කොමිසමේ නිලධාරීන් මෛත්‍රීගේ නිවසට

0
ප්‍රකාශයක් ලබාගැනීමට පාස්කු කොමිසමේ නිලධාරීන් මෛත්‍රීගේ නිවසට

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් තිබේ.

 

එම මහතාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙස පසුගිය 21 වැනිදා දැනුම් දී තිබුණි.

නමුත් තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත් සිය කොළඹ නිවසට පැමිණ ප්‍රකාශ ලබා ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබුණි. එම දැනුම් දීමෙන් අනතුරුව අද දින කොමිසමේ නිළදාරීන් එම මහතා‍ගේ නිවසට ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here