ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ මෙම තත්ත්වය නිවැරදි කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.
කඩිනමින් මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ලබන 21 වනදා සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.