2024 දී නැවතත් සඳ තරණය කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 28ක් වැය වේ යැයි ඇස්තමේන්තු කර තිබේ.
අර්ටෙමිස් නමින් හඳුන්වා ඇති එම වැඩසටහන මගින් කාන්තාවක් සහ පුරුෂයෙක් සඳ ට යැවීමට නාසා ආයතනය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
1972න් පසු සඳ මත ගොඩබසින ප්රථම අවස්ථාව එය වනු ඇත.
ඇපලෝ යානය හා සමාන කැප්සියුලයක ගගනගාමීන් ගමන් කිරීමට නියමිත අතර එම කැප්සියුලය ඔරියන් නමින් හඳුන්වයි.