තවදුරටත් පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීම සම්බන්ධයෙන් අද(07) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමේ දී අදාළ තීරණය ගැනීමට නියමිත බවයි.
කොවිඩ් – 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ හටගෙන ඇති වතාවරණය නිරික්ෂණය කරමින් පාර්ලිමේන්තු සභාවාර අඛණ්ඩව පවත්වාගෙන යාමට ඊයේ (06) රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කළේය.
එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණය අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත.