Home දේශීය පුවත් 20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කථානායකට

20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කථානායකට

0
20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කථානායකට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය තම කාර්යාලයට ලැබී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

 

ඔක්තෝබර් 20 වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වු පසු එම නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවද කථානායකවරයා පැවසීය.

කැබිනට් අනුමැතිය හිමිවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සැප්තැම්බර් 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් විවිධ පාර්ශව විසින් ගොනු කළේය.

ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වන දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here