බන්ධනාගාර ආශ්රිතව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ දිනයේ කුරුවිට බන්ධනාගාරයෙන් නව ආසාදිතයින්15 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් 13 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර දෙදෙනෙකු නිලධාරිනියන් බව වාර්තා වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන් මේ වන විට ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි.