වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Share

වත්තල ප්‍රදේශ කිහිපයකට අද (03) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව අද උදෑසන 10.00 සිට පැය 18ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව, මරදාන පාර,ඇළකන්ද සහ හැඳල මාර්ගයේ කොටසකට ජල සැපයුම අත්හිටවනු ලැබේ.

Read more

Local News