ගුවන්තොටුපලේ පිටත්වීම් පර්යන්තයේ මහජන ආලින්දය අද සිට විවෘතයි

Share

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටත් වීම් පර්යන්තයේ මහජන ආලින්දය අමුත්තන් සඳහා යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද(05) දිනයේ උදෑසන 9.00 සිට මහජන ආලින්දය අමුත්තන් සඳහා විවෘත වනු ඇති අතර එක් ගුවන් මගියෙකුට මහජන ආලින්දය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙකු පමණකි.

එමෙන්ම ගුවන් තොටුපල පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කිරීම අනිවාර්යයකර ඇති අතර සෞඛ්‍ය උපදේශයන්ට අනුකූලව කටයුතු කරන ලෙසට ගුවන් මගීන්ට දැනුම් දෙන බවයි ගුවන් තොටුපල නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කර තිබේ.

Read more

Local News