කාත්තන්කුඩි පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අක්කරෙයිපත්තු ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.
ඔහු රාජකාරිය නිමකර ඇති අවස්ථාවක මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.