විදෙස්ගතව සිට මෙරටට එන පුද්ගලයින් නිවෙස් තුළ නිරෝධායනයෙන් ඉවත් කිරීමේ තීරණයක්

Share

විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිවෙස් තුළ සිදුකෙරෙන නිරෝධායනය ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණය කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

 

විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයකට ලක් කෙරෙන අතර එහිදී එම පරීක්ෂණයේ ප්‍රතිපල මත අදාල පුද්ගලයා කොරෝනා අසාදිතයෙකු වුවහොත් ප්‍රතිකාර සදහා රෝහල් ගත කෙරෙන අතර අසාදිත නොවුහොත් යලි නිවසට ගොස් දින 14ක් නිරෝධායනය වීමේ ක්‍රමවේදය ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බව මෙහිදී හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ පිලිබදව නව නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

Read more

Local News