මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 30,000 ඉක්මවයි

Share

ඊයේ (10) දිනයේ නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 538 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 30,613ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එයින් ආසාදිතයින් 304ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 38ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ද කොවිඩ් නයින්ටීන් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146කි.

Read more

Local News