කොවිඩ් මරණ භූමදානය ගැන සොයා බැලීමට අගමැති සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

Share

සෞඛ්‍යයට බලපාන කරුණු හේතුවෙන් ජාතීන් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ගවල ජනතාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදානය කළ හැකිදැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා විශේෂඥයින්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

කෙසේවෙතත් දැනට මෙම වෛරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහයන් තුළ මෙම වෛරසය දින 36ක පමණ කාලයක් පවතින බව සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සහය ලබාදෙන ලෙස ද එම අවස්ථාවට පැමිණ සිටි සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

Read more

Local News