විදෙස් සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කරමින් එළඹෙන 26 දා සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් තොටුපළ විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මූලික පියවරේ දී වාණිජ සහ විශේෂ ගුවන් ගමන් සඳහා පමණක් ගුවන් තොටුපළ විවෘත කරන අතර සෞඛ්‍ය අංශ නිකුත් කර තිබෙන නිර්දේශ අනුව මේ කටයුතු සිදු වන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ගුවන් තොටුපළ විවෘත කරන ලෙස මේ වනවිට විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව සදහන් කරන ඇමැතිවරයා එළඹෙන 26දා සිට මෙලෙස විශේෂ ගුවන් යානා පැමිණීමට හැකි බවට විදෙස් ගුවන් සේවා සඳහා දැනුම් දී තිබෙන බවද ඒ අනුව කටුනායක, මත්තල, යාපනය සහ මඩකළපුව ගුවන් තොටුපළවල මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ද විශ්වාසය පළකරයි.
මේ අතර ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කෙරෙන දිනය ඉදිරි දින කිහිපය තුළ නිශ්චිතවම ප්‍රකාශයට පත්කිරීමට හැකිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.