දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු වැසි

Share

අද(15) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20ත් 30ත් පමණ වේ.

ත්‍රීකුණාමලය සිට යාපනය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 40 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

Read more

Local News