ස්ප්‍රීතු වර්ගයක් පානය කළ දෙදෙනෙකු මිය යයි

Share

මීරිගම, කීනදෙනිය ප්‍රදේශයේදී ස්ප්‍රීතු වර්ගයක් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

සිය මවගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණ, පිරිසක් සමඟ මත්පැන් පානය කළ සොහොයුරන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබේ.

ප්‍රදේශයේ පුද්ගලයෙකු ලබාදුන් ස්ප්‍රීතු වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මොවුන් මෙලෙස මියගොස් ඇති අතර, එම මත්පැන් පානය කළ තවත් අයෙකු රෝහල් ගතකර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read more

Local News