අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ට්ටෝරු භාවිතා නොකරන්න

Share

කොරෝනා වෛරසය සඳහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු අන්තර්ජාලයේ මේ දිනවල විශාල වශයෙන් සංසරණය වන බවත් ඒවා අත් හදා බැලීමෙන් වළකින ලෙසත් දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාශය නිවේදනය කර තිබේ.

 

ආයුර්වේදයේ සහ දේශීය වෙදකම තුළ පාරම්පරිකව භාවිත කරනු ලබන අත් බෙහෙත් වැනි දේවල් හැරුණු කොට අනෙකුත් ආගන්තුක වට්ටෝරු භාවිත කිරීමෙන් වළකින ලෙස එම අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම එම අමාත්‍යංශය වැඩ්දුරටත් පවසන්නේ හැකි උපරිමයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි.

Read more

Local News