වව්නියාවේ ප්‍රධාන පාසල් 4ක් වසා දැමේ

Share

වව්නියාවේ ප්‍රධාන පාසලක සිසුවියක හට කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙන බවට තහවුරු වි තිබිම හේතුකොටගෙන එම පාසල ඇතුළු තවත් පාසල් හතරක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

 

ඒ අනුව වවුනියාව නගරයේ පාසල් හතරක් දින නියමයකින් තොරව අද (15) දිනයේ සිට වසාදැමූ බව වවුනියාව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. රාදාක්‍රිශ්නන් මහතා පවසයි.

වවුනියාව දෙමළ මහ විද්‍යාලය , දෙමළ මිශ්‍රපාසල පාසල , ගාමිණි ජාතික පාසල හා රම්බකුලම බාලිකා විද්‍යාලය සෞඛ්‍ය අංශයන් හි උපදෙස් අනුව එළෙස වසාදැමූ බව පැවසීය.

වවුනියාව දෙමළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලැබූ කට්කුලි ප්‍රදේශයේ පාසල් සිසුවකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවී තිබීම හේතුවෙන් හා ගාමිණි ජාතික පාසලේ කොවිඩ් ආසාදිත පුද්ගලයකු ඇසුරු කළ පළමු ආශ්‍රිතයකු ලෙස සිසුවකු හදුනාගැනීමත් සමඟ එම පාසල් හා සෙසු පාසල් වසාදැමීමට තීරණය කල බවද ප්‍රකාශ කළේය.

වසාදැමුණු පාසල් විෂබීජ හරණය කිරීමට උපදෙස් ලබාදී ඇති බවද වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

Read more

Local News