පොදු ප්‍රවාහනය කරන්නන්ට විශේෂ නිවේදනයක්

Share

පොදු ප්‍රවාහනයේදී භාවිත කරන මෝටර් වාහනයක අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතු බවට නිරෝධායන නියෝගයක් නිකුත් කර තිබේ.

 

එමෙන්ම ධාවනය වන අවස්ථාවේදී කිසිදු මගියෙකු සිට ගෙන ගමන් නොකළ යුතු බවත් අදාල නිවේදනයේ සදහන්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, 2020 10.15 දිනැති අංක 2197/25 දර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධිත රෝග වැළැක්වීමේ රෙගුලාසිවල‌ට අනුකූලවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සියලුම පොලිස් නිලධාරීන් දැනුම්වත් කරන ලෙස දන්වා ඇති අතර ඊට පටහැනිව ක්‍රියා කරන්නේ නම්, නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධානයන්ට අනුකූලව කටුයුතු කළ හැකි බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Read more

Local News