රන්ජන්ට එරෙහි පැමිණිල්ලක් කැඳවීම කල් දමයි

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැත.

 

මෙම පැමිණිල්ල අද සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණි.

එහෙත් ඊයේ දින උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන හේතුවෙන් අද දින කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු කල් දමා තිබේ.

Read more

Local News