ශ්‍රීලංකන් කේටරින් වෙතින් විශේෂ නිවේදනයක්

Share

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට අද පෙරවරුවේ COVID-19 වෛරස ආසාදනය වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබද ශ්‍රීලංකන් කේටරින් වෙතින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

 

එම නිවේදනය පහතින්

ශ්‍රීලංකන් කේටරින් අංශයේ එක් සාමාජිකයෙකු හට පසුගිය සඳුදා  දින COVID-19 වෛරසය සම්බන්ධ පරීක්ෂණය සිදු කරන ලද අතර එහිදී ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගන්නා ලදී.

ඒ අනුව ඔහු ඇසුරු කළ තවත් සාමාජිකයින් හත් දෙනෙකුට  COVID-19  පරීක්ෂණය ධනාත්මක බව අද දින තහවුරු කරගන්නා ලදී.

මේ වන විට ආදාල කොවිඩ් ආසාදනය වී ඇති සාමාජිකයින්ගෙන් බලපෑමට ලක් වී ඇති කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණවලට භාජනය කර ඇත.

දැනට පවතින ගෝලීය වසංගතය තුළ ඉහළම ආහාර සුරක්‍ෂිතතාව සහ ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගෙන යාම, ගුවන් ගමන් වලදී මෙන්ම සාමාන්‍ය පරිභෝජනය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය සඳහා වන ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුගමනය කිරීම හා ඊට අදාළ ක්‍රියා පටිපාටි  පිළිපැදීම මෙන්ම සහතික කිරීම සඳහා ශ්‍රීලංකන් කේටරින් සැමවිටම කටයුතු කරයි.

ආයතනය තුළ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රම බලකාය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රීලංකන් කේටරින් සෑම පියවරක්ම ගෙන ඇති අතර සෞඛ්‍ය හා අනෙකුත් රජයේ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරයි.

Read more

Local News