අදත් දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසු වැසි

Share

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

උතුරුනැගෙනහිරඋතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට  වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇතිවේ.

නැගෙනහිර පළාතේ සහ මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.. 2.00 න් පමණ සුව තැනින්  තැන වැසි  හෝ ගිගුරුම්  සහිත වැසි ඇතිවේ.

උතුරුඋතුරුමැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළංඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News