නිරෝධායන නීති කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, දුරස්ථභාවය තබා නොගැනිම සහ මුව ආවරණ නොපැලඳීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 1675 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Previous articleවසර 397කට පසු උදා වූ සෙනසුරු හා බ්‍රහස්පති ලංවිම ලංකාවට දිස් වූ ආකාරය
Next articleමෙරටට එන ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට හිමිවූ සහනය