ඊයේ කොවිඩ් ආසාදිතයින් 580ක්

Share

ඊයේ (23) දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 580 දෙනෙක් හඳුනාගෙන තිබේ.

 

ඉන් එක් පුද්ගලයෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකිකයෙකු වන අතර ඉතිරි ආසාදිතයින් 579 දෙනාම දේශීයව හඳුනා ගත් ආසාදිතයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 228කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයින් 108ක් , කළුතර දිස්ත්‍රික්කයෙන ආසාදිතයින් 68 දෙනෙක් සහ  මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 38,639 ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය පැය 24 තුළ මෙරටින් එක් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර එම මරණයත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගියේ ය.

මේ වනවිට පුර්ණ පුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 29,882ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8573 දෙනෙකු පමණි.

Read more

Local News