අගමැතිගේ නත්තල් දින පණිවුඩය

Share

උදා වූ නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත්, දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්ත වීමත් සිහිගන්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

නත්තල දිනය වෙනුවෙන් පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, එය ප්‍රේමය සහ මානව ගරුත්වය සැමරුමක් ලෙස සිහිගන්වන සුබාරංචිය බවයි.

මෙම උතුම් දිනයේදී සාමයේ හා දයාවේ පණිවුඩය අප හදවත් තුළ තහවුරු විය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ, දිළිඳුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමග නත්තල ගත කරන්නට අධ්‍යාත්මිකව සිත යොමුකරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතින බවයි.

අගමැතිගේ නත්තල් දින පණිවිඩය පහතින්

Image may contain: text

Read more

Local News