යළිත් ඊශ්‍රායාලය සති තුනකට වසා දමයි

Share

ලබන මාර්තු මාසය වනවිට කොරෝනා වෛරසයෙන් මිදීම අරමුණු කොටගෙන ඊශ්‍රායාලය යළිත් වරක් සති තුනක කාලයක් සඳහා වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මේ වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු ද කඩිනම් කර තිබේ.

ලබන මාර්තු මාසය වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට හැකිවුවහොත් බෙනජමින් නෙතන්යාහුට යළි එරට මැතිවරණයකින් තේරී පත්වීමේ හැකියාව වර්ධනය වනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News