අමෙරිකානු කොවිඩ් සහන පැකේජයට ට්‍රම්ප් අත්සන් තබයි

Share

ඇමෙරිකාවේ යෝජිත කොරෝනා සහන පැකේජයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි

 

ඩොලර් බිලියන නවසියක වටිනාකමකින් යුතු සහන පැකේජය සඳහා තමා අත්සන් නොතබන බව මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය ඇමෙරිකා ජනතාවට මෙම යෝජිත සහන පැකේජයෙන් ලැබීමට නියමිත මුදලට වඩා වැඩි මුදලක් ලබාදීම තමාගේ අරමුණ බව පවසමින් ජනාධිපතිවරයා පවසා තිබේ.

කෙසේ වුවද යෝජිත සහන පැකේජය නීතියක් බවට  පත් කරමින් ඔහු එයට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ සමඟම මිලියන දාහතරක් පමණ ඇමෙරිකා වැසියන්ගේ රැකියා සුරක්ෂිත වන බවද වාර්තා වනවා. ට්‍රම්ප් සහන පැකේජය අනුමත නොකළේ නම් රජයේ ආයතන රැසක් ද වසා දැමීමට සිදුවන බවයි විශ්ලේෂකයින් සඳහන් කරයි

මෙම සහන පැකේජයට පෙඩ්රල් රජයට අයත් ඩොලර් ට්‍රිලියන 1.4ක මුදල් ද ලබා දීමට නියමිතයි.

Read more

Local News