සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන ජනතාව බිය විය යුතු නැහැ

Share

සංචාරකයින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකයින්ගේ පැමිණිම සම්බන්ධයෙන් ලාංකිකයන් බියවිය යුතු නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

 

සංචාරකයන්ගෙන් ලාංකිකයන්ටත්, ලාංකිකයන්ගෙන් සංචාරකයින්ටත් වෛරසය බෝ නොවන අයුරින් අදාල ක්‍රමවේද ඔස්සේ කර ඇතැයි ද ඒ මහතා පැවසීය. සංචාරක නියාමන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර මත්තල ගුවන්තොටුපලේ පසුගියදා පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා මිලියන 03ක පමණ පිරිසක් සෘජු හා වක්‍රාකාරයෙන් මේ සංචාරක කර්මාන්තය නිසා යැපෙනවා.

මිලියන 03ම පාස්කු ප්‍රහාරයත් මේ කොවිඩ් වසංගතයත් නිසා ඔවුන්ට විශාල ලෙස අභියෝග එල්ල වුනා. ඒ නිසයි රජයක් හැටියට අපි තීන්දු කලේ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමට. සියලු සෞඛ්‍ය කාරණා ගැන අවධානය යොමු කලේ සංචාරකයන්ගෙන් ලාංකිකයන්ටත්, ලාංකිකයන්ගෙන් සංචාරකයින්ටත් බෝනොවීමේ වගකීම අරගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක කිරීමට අපි තීන්දු කලා. අද ඉඳන් ජනවාරි 19 දක්වා මෙය නියාමන වැඩසටහනක් හැටියට ක්‍රියාත්මක කරනවා.එ‍න හැම සංචාරකයෙකුම රජයේ සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරලා Bio Bubble එකක් යටතේ හඳුනාගත් ස්ථාන වලට යන්න කටයුතු යොදා තිබෙනවා. ඒ යන හැම තැනකදීම සංචාරකයින් හා ලාංකිකයන් මිශ්‍ර නොවන අන්දමට කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා.

නියමු ව්‍යාපෘතියෙන් පසුව සාමාන්‍ය ගුවන් යානා වල එන සංචාරකයින්ටත් අපි අවස්ථාව ලබා දෙනවා. මේ ව්‍යාපතියේ අඩුපාඩු හදුනාගෙන ඒවා නිවැරදි කරගෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සංචාරකයින් ගෙන ඒමටත්, ඒ හරහා සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන්නන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙහිදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද කිය.

සංචාරකයෝ ආවේ නැහැ කියලා පහුගිය කාලේ කොරෝනා රැලි මතු නොවුනේ නැහැ. මිනුවන්ගොඩ රැල්ල, පෑලියගොඩ රැල්ල තිබුණා හැම රටකම මේ තත්වය තියෙනවා. ඒකත් සමඟ ජීවත් වීමට පුරුදු වෙන්න වෙනවා. නමුත් අපි රට විවෘත කරද්දි පරිස්සම් වෙන්න ඕනෑ. උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුව තමයි මෙය ආරම්භ කළේ.
විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට කාලකණ්නි ආශාවන් තියෙනවා. මොකද මිලියන 3ක් බඩගින්නේ ඉන්නවා කියන්නේ ඔවුන්ගේ ඡන්ද පදනමට හොඳයි. රට විවෘත කරලා සංචාරක ව්‍යාපාරයෙන් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට විපක්ෂයට විවේචනය කරන්න දෙයක් නැතිවෙනවා.
2021 ජනවාරි 20 දක්වා මේ නියමු ව්‍යාපෘතිය පවත්වනවා. ඊළඟට අපි සෞඛ්‍ය අංශත්, සංචාරක අධිකාරියත් සමඟ සාකච්ඡා කරලා අඩුපාඩු වූ තැන් නිවැරදි කර ගනිමින් සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කරනවා. නිල වශයෙන් එය පසුව දැනුම් දෙනවා.
කොවිඩ් වසංගතය ලංකාවේ ආරම්භ වූ දා පටන්ම එය පාලනය කිරීමට අපේ නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. අපට වඩා සෞඛ්‍ය අංශ වලින් ආර්ථිකයෙන් දියුණු රටවල් අද අමාරු තත්වයකට පත්වෙලා ඉන්නවා.
විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් ගෙන්වන වැඩපිළිවෙල ඒ අයුරින්ම සිද්ධ වෙනවා. ඔවුන් ආපු ගමන්ම පී.සී.ආර්. පරීක්ෂණයක් කරනවා. ඔවුන් යළි සමාජයක් සමඟ ගැටෙන නිසා ඒ ක්‍රමවේදය
වෙනස්. සංචාරකයන්ට ආපු ගමන් කරලා දින 5-7ත් අතර යළි පී.සී.ආර්.එකක් කරනවා. ඒ කාල සීමාව තුළ බයෝ තාක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරමින් සංචාරක ස්ථාන වලට යන
වැඩපිළිවෙල සූදානම් කරලා තියෙනවා. ලංකාවේ සංචාරක මඟ පෙන්වන්නන් මේ සඳහා අනිවාර්යෙන් යොදා ගන්නවා.
අපි ආරම්භයේ ඉඳන්ම සංචාරක අධිකාරියේ අරමුදල් මිලියන 1850ක් වෙන් කරා සංචාරක ව්‍යාපාරයේ නියුතු අයට දීමනාවක් වශයෙන් ලබා දීමට.යළි හෝටල් හා සංචාරක ආයතන පටන්
ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනයක් ලබාදීමට ද රජය මේ වනවිට අවධානය යොමු කරගෙන යනවා. විදේශයන්හි සිට එන ලාංකිකයෝ පෙළක් අය කැමතියි මුදල් ගෙවලා හෝටල් වල නිරෝධානය වෙන්න. එහෙම බැරි අයට හමුදාව යටතේ යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වල 10,000කටත් අධික පිරිසක් ඉන්නවා. ඒ අනුව දවසකට පාලනය කරන්න පුළුවන් ප්‍රමාණය ගේන්න කියලා තියන්නේ. තවත් තිස්දහසක් විතර එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි පැහැදිලිවම එංගලන්තයෙන් සංචාරකයෝ ගෙන්වීම නවතා තියෙන්නේ. අපි ඒ බව අදාල
රටවල් වලින් ගෙන්වන සංචාරක ආයතන වලට දැනුම් දීලා තියෙන්නේ.

රජ්‍ය ඇමති ඩී.වී. චානක මහතා –

ලංකාවේ පසුගිය වසර 15 තුල නොවෙනස්ව ඉදිරියට ආපු සංචාරක කර්මාන්තය මේ කොරෝනා වසංගතය නිසා කඩා වැටීමකට ලක් වුනා. හැබැයි අපි නැවත වතාවක් සංචාරක කර්මාන්තය ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. මෙය මත්තල ගුවන්තොටුපොළින් ආරම්භ කිරීම විශාල සතුටක් විදේශ රටකට විකිනීමට ගිය මත්තල ගුවන්තොටුපලෙන් අපට මෙය ආරම්භ කිරීමට ලැබුණා.
ගුවන්තොටුපලට ඇතුල්වීම පිටවීම දක්වා විෂබිජානුහරණය කරන පුළුල් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව මෙය සිද්ධ කෙරෙනවා. මෙය ආරම්භ කරන්න කලින් ලෝකයේ රටවල් 3
කින් සිදු වූ වැරදි අපි හදුනා ගත්තා.
ඒ අනුව ඒ අඩුපාඩු ලංකාව තුළ නොකෙරෙන ආකාරයට මෙය පටන් ගත්තේ. මේක නිසා ශ්‍රී ලංකිකයන්ට කිසිම බාධාවක් වන්නේ නැහැ මොකද ශ්‍රී ලංකිකයන්ට ලැබෙන එකම
පහසුකමක්වත් අපි ඔවුන්ට පැත්තකින් ලංකිකයෙක් ගෙන්වන ගමන් අනිත් පැත්තෙන් සංචාරකයින් ගෙන්වල රටේ ආර්ථිකය ශක්තිමත් කරලා මිලියන 3 ක් වූ සංචාරක කර්මාන්තයේ නියැලෙන්නනට යලි ජීවනෝපාය සකස් කරලා දෙනවා.

Read more

Local News