ලංකාව පරදා දකුණු අප්‍රිකාව ලැබූ ජය

Share

දකුණු අප්‍රිකාව සහ ශ්‍රි ලංකාව අතර පැවති ටෙස්ට් තරඟයෙන් දකුණු අප්‍රිකාව ඉනිමකින් සහ ලකුණු 45 කින් ජයග්‍රහණය කළේය.

 

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 396ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 621ක් ලබා ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 225ක් පිටුපසින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 64 ක් සහ වනිඳු හසරංග ලකුණු 59 ක් ලබා ගත්තේය.

Read more

Local News