පුංකුඩුතිව් මණ්කාඩු ධීවර තොටුපල සංවර්ධනය කිරීමට පියවර

Share

පුංකුඩුතිව් මණ්කාඩු ධීවර තොටුපල සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කරයි.

පුංකුඩුතිව් දකුණ මණ්කාඩු ප්‍රදේශයේ ජීවත් වන ධීවර කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම මත මෙම ධීවර තොටුපල සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය දේවානන්දා මහතා ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ දකුණ මණ්කාඩු ප්‍රදේශයේ ධීවර ජනතාව විසින් අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම ප්‍රදේශයේ සංචාරයක නිරත වු අවස්ථාවේදීය. තවද මෙහිදී අමාත්‍යවරයා විසින් මෙම ප්‍රදේශයේ ධීවරයන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්ද සොයා බලන ලදි. මෙහිදී ධීවර ප්‍රජාව විසින් මෙම තොටුපල තවත් ගැඹුරු

කල යුතු බවද පෙන්වා දුන් අතර දියකඩනයක් ඉදිකිරීමට අවශ්‍යව ඇති බවද ප්‍රකාශ කරන ලදි.

ධීවරයන්ගේ අවශ්‍යතාව පිළිබදව ඉතා ඕනෑකමින් සවන් දුන් අමාත්‍යවරයා ඉතා කඩිනමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටු කර දීමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසීය.

මෙම අවස්ථාව සදහා අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Read more

Local News