ඊයේ දිනයෙත් වැඩ්ම කොවිඩ් රෝගීන් කොළඹින්

Share

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,299ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ, ඊයේ කොරොනා ආසාදිතයින් 592 ක් හඳුනා ගැනීමත් සමගයි.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ඒ අනුව කොළඹින් කොවිඩ් රෝගීන් 256ක් වාර්තා විය.

ඉන් 63ක් මඩකලපුවෙන් සහ ගම්පහින් 62ක්ද ඉතිරි 211 දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා විය.

වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,766ක් වන අතර තවත් කොරෝනා ආසාදිතයින් 706 දෙනෙකු ඊයේ දිනය වන විට පූර්ණ සුවය ලැබීය.

ඒ සමග මෙරට කොරෝනා රෝගයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 35,329 ක් දක්වා ඉහළ ගියේ ය.

මේ සමග මෙරට කොරෝනා ආසාදනවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 204 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර ඊයේ දිනයේ මෙරට PCR පරීක්ෂන 12592ක් සිදු කර තිබේ.

අද දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 77ක් තුළ පුද්ගලයින් 5243ක් නිරෝෂායනය වෙමින් සිටී.

Read more

Local News