පසුගියදා පැවති අමෙරිකානු ජනපතිවරණයෙන් ජෝ බයිඩන්ගේ මැතිවරණ ජයග්‍රහණය තමන් පිළිගන්නේ නැති බවත්, මැතිවරණයේ දූෂණ සිදු නොවූ බව තහවුරු කිරීමට නම් කොමිසමක් පත් කළ යුතු බවත් පවසමින් බයිඩන්ගේ මැතිවරණ ජයග්‍රහණය ආපසු හැරවීමේ අවසාන උත්සාහයට අමෙරිකාවේ සෙනෙට් සභිකයෝ පිරිසක් උත්සාහ දරයි.
මේ අතර ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය ආපසු හැරවීම සඳහා ඡන්ද 11,780ක් සොයා ගැනීමට අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජොර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ නිලධාරීන්ට කළ ප්‍රකාශයක් අනාවරණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇත්තේ තමා එම ප්‍රාන්තය ජයගෙන ඇති බවය.
‘වොෂිංටන් පොස්ට්’ මගින් අනාවරණය කර ඇති අදාළ හඬපටය අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම අදාළ නිලධාරියා ප්‍රතික්ෂේප කර තිබේ.