මහ කන්නයේ වී සදහා සහතික මිලක්

Share

2020/ 2021 මහ කන්නයේ සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

 

ඒ අනුව ප්‍රමිතිගත නාඩු තෙතමනය 14% ක් සහිත වී , කිලෝග්‍රෑමයක් රුපියල් 50 ට මිලදී ගැනීමට නියමිත අතර තෙතමනය 14% ත් 22 දක්වා වී කිලෝග්‍රෑමයක් රුපියල් 44 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ප්‍රමිතිගත සම්බා වී , තෙතමනය 14 % ක් සහිත වී කිලෝග්‍රැමයක් රුපියල් 52 බැගින් සහ තෙතමනය 14 %ත් 22% ත් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 46 මිලදී ගනු ඇති.

පොහොර සහනාධාරය ලබන සුළු හා මහා වාරිමාර්ගවල ගොවීන්ගෙන් වගා කරන බිම් ප්‍රමාණය අනුව වී මිලදී ගැනීමට නියමිතයි.

ඒ අනුව හෙක්ටයාර 1 ත් 1.5 ත් අතර වගා කරන ගොවින්ගෙන් වී කිලෝග්‍රැම් 1000 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හෙක්ටයාර 1.5 ට වැඩි සහ 2 දක්වා වී වගා කරන ගොවීන්ගෙන් කිලෝග්‍රැම් 1, 500 බැගින් මිලදී ගැනීමට නියමිතයි.

No photo description available.

Read more

Local News