බ්‍රිතාන්‍යයට යළිත් අගුළු දමයි

Share

බ්‍රිතාන්‍යයේ දිනකදී වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ නැවත වරක් එරට අගුළු දැමීමට පියවර ගෙන තිබෙන බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසු බ්‍රිතාන්‍ය මෙලෙස ඉතා දැඩි සීමා පැනවූ පළමු අවස්ථාව එරට මාධ්‍ය පවසයි.

බ්‍රිතාන්‍යයේ මෙම නව දැඩි සීමා සඳුඳා සිට ක්‍රියාත්මක වන අතර එරට තුළ ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රසෙනකා එන්නත ලබාදීම ද ආරම්භ කර තිඛේ.

පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පෙබරවාරි මාසය තෙක් වසා දමන බව ද නව ලොක්ඩවුන් සීමා ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා තිඛේ.

එක්සත් රාජධානියට අයත් විශාලම රට වන එංගලන්තය පෙබරවාරි මාසයේ මැද භාගය දක්වා සම්පූර්ණයෙන් වසා දැමෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

Read more

Local News