විදෙස්ගත ලාංකිකයන් වෙනුවෙන් සමගි ජනබලවේගයෙන් විරෝධතාවක්

Share

විදෙස්ගත ලාංකික ප්‍රජාව වෙත අවධානය යොමුකොට ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත්, ඔවුන් මව්බිමට ගෙන්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සමගි ජනබලවේගය විසින් විරෝධතාවයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී අද(07)පවත්වනු ලැබීය.

 

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විරෝධතාවයට මහජන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

රටට විදේශ විනිමය ගෙන එන විදෙස්ගත ශ්‍රිලාංකිකයින් එදා මැතිවරණයට පෙර රට විරුවන් ලෙස හැදින්වූ නමුත් අද ඔවුන් එතෙර දුක් විදින අයුරු ආණ්ඩුව නෑසූකන්ව බලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙරටට ගෙන්වන විදෙස්ගත ශ්‍රමිකයන් මාෆියාවකට හසුකොට ඇති බවත් මේ නින්දාසහගත ක්‍රියාවලිය ආණ්ඩුව නවත්වා දැමියයුතු බවත් ඒ මහතා පැවසීය.

No description available.

No description available.

Read more

Local News