ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් වැඩ අරඹයි

Share

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පසන් වනිගසේකර මහතා අද රාජකාරී ආරම්භ කරන තිබේ.

 

ආයෝජන මණ්ඩලයට සම්බන්ධ වීමට ප්‍රථම, ඒ මහතා ප්‍රධාන පෙලේ ගෝලීය ආයතන කිහිපයක සහ ආසියා කේන්ද්‍රීය පුද්ගලික ආයෝජන ආයතන කිහිපයකට ආයෝජන විෂ්ලේශණ හා මෙහෙයුම් ප්‍රශක්තිකරණය සම්බන්ධයෙන් උපදේශණ සේවා ලබාදීමේ නිරතව ඇති අතර, නීතිඥයෙකු ලෙසද කටයුතු කර තිබේ.

මොරටු විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකුද වන ඔහු, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු, වරලත් මූල්‍ය ගණකාධිකාරීයෙකු මෙන්ම වරලත් අලෙවිකරුවෙක් ද වෙයි.

Read more

Local News