අතුරුදන් ජකර්තා ගුවන් යානයේ බවට සැක සහිත සුන්බුන් මුහුදෙන්

Share

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වී අතුරුදන් වූ බෝයිං 737 වර්ගයේ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් ජකාර්තා නුවරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අද පස්වරුවේ ජකර්තා අගනුවර සිට බෝර්නියෝ දූපත් බලා පියාසර කිරීම සඳහා ගුවන් ගත වූ යානයක් ගුවන් පාලක මැදිරිය සමග තිබූ සබඳතා බිඳ වැටී ඇත.

අදාළ යානයේ මගීන් 56ක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ගුවන් යානය ජකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කිරීමට ගමන් අරඹා තිබු අතර එලෙස අතුරුදන් වී ඇත්තේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයකි.

Indonesia map

Archive photo of Sriwijaya Air plane on runway in Jakarta

 

Read more

Local News