ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

Share

ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභාවල සභාපතිවරු දෙදෙනාගේ ධුරයන් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පියවර ගෙන තිබේ.

 

ඊට අදාළව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

ඒ අනුව ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ධර්මකීර්ති සහ බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන යන අය අදාළ ධුරවලින් ඉවත් කරඇති අතර එහි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම සඳහා උප සභාපතිවරුන් පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.

අදාළ සභාපතිවරුන් දෙදෙනා නගර සභා අඥාපනත යටතේ දැක්වෙන වරද සිදුකර ඇත්ද යන්න පිළිබද විමර්ශන සිදුකිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයෙකු ද පත්කර ඇති අතර මාස තුනක කාලයක් තුළ එම විමර්ශනයේ වාර්තාව තමා වෙත ලබාදිය යුතු බවද ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Read more

Local News