කොළඹ, කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස සංකීර්ණය වෙනුවට නව නිවාස සංකීර්ණයක්

Share

1976 වසරේ දී ඉදිකරන ලද කොළඹ 05, කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස වෙනුවට නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරියේ දී ඊයේ (19) එම අමාත්‍යංශයේ දී සිදු කර තිබේ.

 

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් අක්කර 12 කින් සමන්විත මෙම භූමියේ රජයේ නිලධාරීන් සඳහා වන නිවාස ඒකක 175 ක් හා බංගලා 15 ක් පවතින අතර කොළඹ නගරයේ අතිශය ඉහළ වටිනාකමකින් යුතු මෙම ඉඩම ඵලදායී ආර්ථික කටයුතු වෙනුවෙන් යෙදවීමට රජය ගෙන ඇති තීන්දුවට අනුව මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ඒකාබද්ධව මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන අතර කොළඹ නගරයේ සිදුවන තිරස් සංවර්ධනය වෙනුවට සිරස් සංවර්ධනයක් ලඟා කරගත යුතුයැයි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව යමින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිතයි.

Read more

Local News