මෙක්සිකෝ ජනාධිපතිටත් කොරෝනා

Share

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වි තිබේ.

 

මේ අතර මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙක්සි‌කෝව සිව් වන ස්ථානයට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති රට වන අතර එරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,763,219 බවයි.

67 හැවිරිදි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, තමාට සුළු රෝග ලක්ෂණ පෙන්වූ බවත් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read more

Local News