Facia නිෂ්පාදන ගැන ඇලරිස් ලංකා සමාගමෙන් දැනුම් දීමක්

Share

ඇලරිස් ලංකා පෞද්ගලික සමාගම මගින් ගෙන්වා බෙදා හරිනු ලබන ‘Facia Premium‘ නිෂ්පාදන ඖෂධ නියාමන අධිකාරිය විසින් තහනම් කළ බවට අසත්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

 

මේ පිළිබඳ පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සභාපති තරංග ලංකා වීරවර්ධන මහතා වැඩි දුරටත් පැවසුවේ  ‘‘ ව්‍යාජ ප්‍රචාර දියත් කොට ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලිපි ශීර්ෂයක් හා එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන වෛද්‍ය කමල් ජයසිංහ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිත කරමින්. මේ පිළිබඳ අප ආයතනය ඖෂධ නියාමන අධිකාරිය වෙත ලිඛිතව දැනුවත් කර ඇති අතර, මේ ව්‍යාජ ලේඛන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ කරුණු සැලකිල්ලට ගෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය එලෙස කිසි ලෙසක එවැනි තහනමක් කර නොමැති බවට ලිපියක් නිකුත් කරන ලදි. එමෙන්ම මේ ව්‍යාජ පුවත වැරදීමකින් පසුගිය 19 වැනිදා ප්‍රචාරය කළ ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් 2ක්ද අප විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව මෙය නොපමාව නිවැරදි කරන ලදි. මුහුණු පොත (Facebook) වෙතද අප මේ පිළිබඳ නිසි ලෙස දැනුවත් කරන ලදි. එය සැලකිල්ලට ගෙන සමාජ මාධ්‍ය වුවද මේ පුවත නිවැරදි කරමින් පවතී.‘‘

“වසර 10කට වැඩි කාලයක් පුරාවට Facia නිෂ්පාදන පිළිබඳ නොමද විශ්වාසයක් තැබූ අපගේ පාරිභෝගික ජනතාවට මින් සිදු වූ අපහසුතාව පිළිබඳ අප ඉතා කනගාටු වෙමු. පටු ආර්ථික ලාභ පසුපසම හඹා යන යම් ආයතන සියලු සමාජ ආචාරධර්ම පළුදු කරමින් අපගේ කීර්තිනාමයට හානි වන ලෙස කටයුතු කළද දස වසරකට වැඩි කාලයක් ඔබගේ විශ්වාසයට විශ්වාසය එක් කළ Facia, මින් ඉදිරියට ද ඔබ හට ඉතා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදන වගකීමෙන්, සමාජ ආචාරධර්ම සුරකිමින් ලබා දෙන බවට අපගේ පාරිභෝගිකයන් හට මින් දැනුම් දෙන්නෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමය ලෙස අපව ඔසවා තැබූ පාරිභෝගික ඔබට අපගේ ස්තූතිය ප්‍රකාශ කිරීමටද අප මෙය අවස්ථාවක් කර ගනු කැමැත්තෙමු” යනුවෙනි

Read more

Local News