රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට

Share

රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, තෝරා ගැනීම්වලින් අනතුරුව විභාග ප්‍රතිඵල අපේක්ෂකයින්ට නිකුත් කරන බවයි.

පසුගිය පෙබරවාරි මාසයේදී එම විභාගය පැවැත්වු අතර රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල හා ශ්‍රි ලංකා ගණකාධිකාරී සේවයට බඳවා ගැනීමේ විවෘත හා සීමිත තරග විභාගවල ප්‍රතිඵල ද කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා පැවසීය

Read more

Local News