සිරිකොත මහජන දිනය නැවත සක්‍රීය කෙරේ

Share

සිරිකොත මහජන දිනය නැවත සක්රීය කෙරේ.

 

මහජන නියෝජිතයින්ගේ ප්රශ්න, පාක්ෂිකයන්ගේ ගැටලු එකිනෙක විසඳීම ඇරඹෙයි.

එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මහජන දිනය නව ක්රමවේදයක් යටතේ ශක්තිමත් ලෙස පැවැත්වීමට පියවර ගෙන තිබේ.

ඒ පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මග පෙන්වීම සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත. ඒ අනුව සෑම අඟහරුවාදා සහ බදාදා යන දෙදින පුරා පාක්ෂිකයන් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලබා දිම මෙම මහජන දිනය පැවැත්වීමේ අරමුණ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

අද (02) සිට ආරම්භ වූ මහජන දිනය සඳහා දිවයිනේ ප්රදේශ රැසකින් එක්සත් ජාතික පාක්ෂිකයන් , ජනතා නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වු අතර මෙම මහජන දිනය සඳහා පක්⁣ෂයේ ප්රධාන නිලධාරීන් සියලු දෙනා සහභාගී වීමට නියමිතයි. පවතින කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්ය නිර්දේශ යටතේ මෙම වැඩසටහන පැවැත්විණි.

Read more

Local News