නන්නාදුනන අය දෙන කෑම කෑවොත් වෙන දේ

Share

අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අසල සිටි තරුණයෙකු සමග හිතවත් වී එම තරුණයා විසින් එම කාන්තාවන් දෙදෙනාට චයිනීස් රෝල්ස් දෙකක් ආහාරයට දී තිබේ.

 

එම රෝල්ස් ආහාරයට ගත් අදාල කාන්තාවන් දෙදෙනා මත් වීමකට ලක්ව සිට ඇති අතර එහිදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 2ක පමණ වටිනා ආභරණ සහ මුදල් රැගෙන අදාල තරුණයා බසයෙන් බැස ගොස් ඇත.

අදාල කාන්තාවන් සාලියපුර පොලීසිය මගින් මේ වන විට රෝහල් ගතකර තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News