නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල හෙට විශේෂ රථවාහන සැලැස්මක්

Share

හෙට දිනයේ 73 වන ජාතික නිදහස් දින සැමරුම හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

මේ පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා පැවසුවේ,”හෙට දිනයෙත් උදැසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුළ වාහන ගමනාගමනය එම ප්‍රදේශවල සම්පුර්ණයෙන්ම සීමා වෙනවා. විශේෂයෙන්ම නෙලුම් පොකුණ වටරවුමෙන් ඉදිරියට නිදහස් මාවත දෙසට ගමන්කරන වාහන සීමා කරනවා. ඒ වගේම පුස්තකාල වටරවුම, ග්ලාස් හවුස් හරහා නිදහස් මාවතට පැමි‍ණෙන වාහනත් සීමාවෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ මාර්ග හරහා ගමන් කරන වාහන විකල්ප මාර්ග තෝරාගත යුතුයි. මීට අමතරව නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත අවට ප්‍රදේශයේ මාර්ගවල වාහන ගමනාගමනය සීමාවීමට නියමිතව තිබෙනවා යනුවෙනි.

මේ අතර අද දිනයේද විශේෂ රථවාහන සැලැස්මකට අනුව නිදහස් දින සැමරුම් පෙරහුරු සිදු කරනු ලැබිය.

Read more

Local News