ජාතික පාසල් 170 ක පවතින විදුහල්පති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.
ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ වනවිට අවසන් අදියරේ පවතින බව එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කිරීමට පියවර ගන්නා බව ද ජාතික පාසල් 373 ක් පවතින අතර විදුහල්පති පුරප්පාඩු පැවති පාසල් 100 කට මේ වනවිට විදුහල්පතිවරුන් පත් කර ඇති බව ද ලේකම්වරයා වැඩ්දුරටත් පවසයි.